UPDATE : පාකිස්ථානය පරදවමින් ශ්‍රී ලංකාව ජය ලබයි

 10/02/2017 - 17:52
56 reads

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමට  ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.  
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 419ක් සහ දෙවන ඉනිම සඳහා ලකුණු 138ක් ලබාගැනීමට සමත් විය. ඊට පිළිතුරු ලෙස පාකිස්ථානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 422ක් සහ දෙවන ඉනිම සඳහා සියලු දෙනාම දැවී ලකුණු 114ක් ලබාගැනීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 21ක ජයග්‍රහණයක් හිමි විය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවුඩයක් තබමින් සුබපතා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකවරුන් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනද ට්විටර් සටහනක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කර තිබෙනවා.

මේ අතර හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ද ට්විටර් ඔස්සේ සුබපතා තිබෙනවා.


පාකිස්තානයට ලකුණු 136 ක ඉලක්කයක් [10/02/2017 - 15:08]

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා පාකිස්තාන කණ්ඩායමට ලකුණු 136ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
අද දිනය ආරම්භ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කන්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 138කට සීමා කිරීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා.
ඒ අනුව මේ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තාන කන්ඩායම මීට සුළු මොහොතකට පෙර කඩුලු  02 ක් දැවී ලකුණු 15 ක් ලබා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news