හිටපු ඇමති ගෙදර ඉදන් ක්‍රීඩා උළෙල නරඹද්දී දකුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කල දේ

 09/22/2017 - 16:20
10294 reads

ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක පෙළපාලියට සහභාගී වීම දකුණු පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් වර්ජනය කර තිබෙනවා.

ආරංචි මාර්ග සඳහන් කළේ දකුණු පළාත් ක්‍රිඩා අමාත්‍යවරයාව සිටි වීරසුමන වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමේ සිද්ධියට විරෝධය පල කොට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමාරම්භක පෙළපාලිය වර්ජනය කළ බවයි.

සෑම පළාතමක නාම පුවරුව පිටුපසින් අදාල පළාත නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ගමන් කළා.

නමුත් දකුණු පළාත් නාම පුවරුව සමග ගමන් කළේ ක්‍රීඩා බලධාරීන් සහ නිලධාරීන් පමණයි.

 

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් අද ආරම්භ වුණේ මාතර කොටවිල ක්‍රීඩාංගනයේදීයි.

දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි වීරසුමන වීරසිංහ මහතාගේ අමාත්‍ය ධූරය පසුගිය දා ඉවත් කෙරුණ අතර, ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මේ වන විට එම ධූරයේ කටයුතු කරනු ලබනවා.

වීරසුමන වීරසිංහ මහතා ඇතුළු පළාත් සභාවල සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තාමත් සහය පල කරන නියෝජිතයින් රැසක් පසුගිය දා තනතුරුවලින් ඉවත් කිරීම සහ මාරුකිරීම් සිදු වුණා.

ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වීමට දකුණු පළාත තෝරා ගැනීමත් සමග එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි වීරසුමන වීරසිංහ මහතා පූර්ව සංවිධාන කටයුතුවලද දැඩි ලෙස නිරතව සිටියා.

මෙම සිදුවීම වාර්තාවීමෙන් පසුව අප හිටපු අමාත්‍යවරයාට කතා කළා.

ඔහු කියා සිටියේ තමා මේ මොහොතේ නිවසේ සිට රූපවාහිනිය ඔස්සේ ජාතික මහා ක්‍රීඩා උළෙල නරඹමින් සිටින බවයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හදවතින්ම සුබ පතන බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම දකුණේ ක්‍රීඩාව ඉහළ නැංවීම වෙනුවෙන් තමා තැබූ පියවර මතු පරපුරට ආදර්ශයන් වන ලෙස ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශක්තිය ධෛරය ලැබේවායි ද හෙතෙම සඳහන් කළා.

මේ අතරතුර අමාත්‍යවරයා සාමාන්‍ය නරඹන්නන් සිටින ක්‍රීඩාගාරයක සිට ජාතික මහා ක්‍රීඩා උළෙල නරඹන ආකාරය දැක්වෙන ඡායා රූපයක් ද අන්තර්ජාලයේ පළවී තිබුණා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news