ක්‍රිකට් ක්‍රීඩාවේ අභියෝග සඳහා විසඳුම් සෙවීමට විශේෂ වැඩමුළුවක්

 09/15/2017 - 19:53
49 reads

ශ්‍රී ලංකාව මුහුණපා ඇති ක්‍රිකට් ක්‍රීඩාවේ අභියෝග සඳහා විසඳුම් සෙවීමට විශේෂ වැඩමුළුවක් අද පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත් වුණා.

එම වැඩමුළුවට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ තමන් අමාත්‍ය ධූරයේ සිටින තුරු අතුරු පාලක කමිටුවක් ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බවයි.

මෙම වැඩමුළුව සඳහා ක්‍රීඩකයින් රැසකට ආරාධනා කර තිබුණ ද බොහෝ පිරිසක් ඊට එක් නොවූ බවටයි වාර්තා වුණේ.

පුහුණුකරුවන් ලෙස මේ වන විට කටයුතු කරනු ලබන චමින්ද වාස්, උපුල් චන්දන හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ ද සහභාගී නොවූ බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news