නවක පන්දු යවන්නන්ගෙන් ඉන්දීය පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක්

 08/12/2017 - 19:53
88 reads

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද නිමා වුණා.

දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුළු 6 ක් දැවී ලකුණු 329ක් ලබා සිටියා.

ශිකර් දවාන් ලකුණු 119ක් සහ ලෝකේෂ් රාහුල් ලකුණු 85ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 188ක සබඳතාවයක් ගොඩනැගුණ අතර එය වාර්තා අතරට එක්වන්නේ මෙරටදී විදෙස් කණ්ඩායමක් පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

විරාට් කෝලි ලකුණු 42කට දැවී ගියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ව්රිද්හිමන් සහ ලකුණු 13 ක් හා හර්ඩික් පාන්ඞ්යා එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේදී මාලින්ද පුෂ්පකුමාර කඩුළු 3ක් සහ ලක්ෂාන් සඳකැන් කඩුළු 2ක් බිඳහෙළුවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news