'වාසිය' ඉන්දියාවට - පළමුව පහරදෙයි

 08/12/2017 - 10:15
52 reads

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භවූවා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලබාගත් ඉන්දියාව තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

දෙරට අතර පැවැති පළමු තරග 2 ජය ගත් ඉන්දියාව මේ වන විටත් තරගාවලිය ජය ගෙන අවසන්.

ආබාධයන්ට ලක් වීම හේතුවෙන් රංගන හේරත් සහ නුවන් ප්‍රදීප් අද තරගය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ වෙනුවට ලක්ෂාන් සඳකැන් සහ විශ්ව ප්‍රනාන්දු මෙන්ම ලහිරු කුමාර ද කණ්ඩායමට ඇතුළත් වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දෙවන තරගයේ දී ටෙස්ට් වරම් හිමි කරගත් මාලින්ද පුෂ්පකුමාරට ද මෙම තරගය අහිමි වීමට ඉඩ ඇති බව සදහන්.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල සිය උපන් ගමේදී මුහුණදෙන ප්‍රථම ජාත්‍යන්තර තරඟය ද මෙය වනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
sports24
India Tour of Sri Lanka
2017 - 3rd Test

Comments