අවසන් තරඟය අහිමි වේ යැයි සිතූ තරඟයේ වීරයා

 06/19/2017 - 19:41
9 reads

අයි.සී.සී ශූරයින්ගේ කුසළාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇතැයි තමා සිතූ බව පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකාර් සමාන් පවසනවා.
ඉන්දියාව සමග ඊයේ පැවති අවසන් මහා තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේද ෆකාර් සමාන්.
එම තරඟයේදී ඔහු ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරඟයට පෙර දිනයේදී තමා අසනීප තත්ත්වයෙන් පසු වූ බවත්, එදින පුහුණුවීම් කටයුතු නිසි පරිදි සිදු නොකළ බවත්, ෆකාර් සමාන් විදෙස් මාධ්‍යයට පවසා තිබෙනවා.
කෙසේ වෙතත් වෛද්‍යවරුන් ලබාදුන් ඖෂධ හේතුවෙන් තමා සම්පූර්ණ සුවය ලැබූ බවයි හෙතෙම සඳහන් කරන්නේ.

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.