UPDATE : 2017 ශූරයන්ගේ කුසලානය පකිස්ථානයට

 06/18/2017 - 21:26
110 reads

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ලකුණු 180ක ජයක් ලබා ගැනීමට පකිස්තානු කණ්ඩායම සමත් විය. ඒ ඉන්දියානු කණ්ඩායම සමග ලන්ඩනයේ කෙනිනන්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදියි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්තානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු හතරක් පමණක් දැවී ලකුණු 338ක් ලබාගත්තා. ඊට පිළිතුරු ලෙස පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 30.3ක් අවසානයේ සියලු දෙනාම දැවී ලකුනු 158ක්පමණක් ලබාගැනීමට සමත් විය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හර්ඩ්‍රික් පාන්ඩේ ලකුණු 76ක් ලබාගැනීමට සමත් විය. ශිකර් ධවාන් ලකුනු 21ක්ද යුවරාජ් සිං ලකුණු 22ක්ද රවීන්ද්‍ර ජඩේජා ලකුණු 15ක්ද ලබා ගැනීමට සමත් විය. අනෙක් කිසිදු ක්‍රීඩකයකු ලකුණු 10 සීමාවට පැමිණීමට නොහැකි විය.


UPDATE: පකිස්ථානයෙන් ඉන්දියාවට 339ක ඉලක්කයක් [06/18/2017 - 18:59]

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථානු කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 4ක්පමණ දැවී ලකුණු 338ක් ලබා ගැනීමට සමත් විය. තරගයේ කාසිය වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පකිස්ථානු කණඩායමට ආරාධනා කර සිටියා. ඒ අනුව පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ෆකාර් ශමන් ලකුණු 114ක්ද අශාර් අලි ලකුණු 59ක්ද ලබාගන්නා ලදී.
නොදැවී පන්දුවට පහර දුන් මොහොමඩ් හෆීස් ලකුණු 57ක් ලබාගැනීම සමත් වූ අතර බාබර් අසාම් ලකුණු 46කට දැවී ගියේය.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ බුවනේෂ්වර් කුමාර්, හර්ඩ්‍රික් පාන්ඩේ සහ කේජර් ජාදෙව් කඩුලු එක බැගින් දවා ගැනීමට සමත් විය.
තරගය ලන්ඩනයෙන් කෙන්නිටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම පන්දුවාර එක්ක අවසානයේ කඩුලු එකක් දැවී ලකුණු 2ක් ලබාගෙන සිටිනවා.

 


 

අවසන් මහ තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට [06/18/2017 - 15:04]

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන තීරණය කරනු ලැබුවේ පළමුවෙන් පන්දු යැවීමටයි.
මේ අනුව අවසන් මහා තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පකිස්ථානු කණ්ඩායමට හිමිව තිබෙනවා.
තරගය ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.