ඉන්දියාව සහ පාකිස්ථානය යළි ගැටෙයි

 06/18/2017 - 07:26
2 reads

අයි.සී.සී. ශූරයින්ගේ කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.
ඒ, පසුගියවර ශූරතාව හිමිකර ගත් ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතරයි.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 3 ට එංගලන්තයේ ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
ඉන්දියාව 2002 වසරේදී ද අයි.සී.සී.ශූරයින්ගේ කුසලාන තරගාවලියේදී     ශ්‍රී ලංකාව සමගින් සම ශූරතාව හිමි කර ගත්තා.
කෙසේ වෙතත් පාකිස්තානය මෙතෙක් අයි.සී.සී. ශූරයින්ගේ කුසලාන තරගාවලියක් ජය ගෙන නැහැ.
ඉන්දියාව සහ පාකිස්ථානය අයි.සී.සී. තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා අවසන් වරට එකිනෙකා මුණ ගැසුනේ 2007 වසරේ 20යි 20 ලෝක කුසලාන තරගාවලියේදීයි.
එම තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.