සිම්බාබ්වේ - ශ්‍රී ලංකා තරග සංචාරයේ කාල සටහන

 06/17/2017 - 07:32
118 reads

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාල සටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අදාල තරග සංචාරයට එක්දින තරග 05ක් සහ එක් ටෙස්ට් තරගයක් ඇතුලත්.
දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ජුනි 30 වන දා පැවැත්වීමට නියමිතයි.
පළමු එක්දින තරග දෙක ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩාකිරීම විශේෂත්වයක්.
තුන්වන, හතරවන සහ පස්වන එක්දින තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇති.
දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය ජුලි 14 වන දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භවීමට නියමිතයි.

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.