ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

 06/15/2017 - 21:59
148 reads

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්වුනා. ඒ බංග්ලාදේශය සමග පැවති තරගයෙන්  කඩුලු 9ක විශිෂ්ඨ ජයක් ලබමින්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාව බංග්ලාදේශයට ආරාධනා කළා.

ඒ අනුව බංග්ලාදේශය ලකුණු 264ක් ලබා ගත්තේ කඩුළු 7කට.

ඉලක්කය හඹා ගිය ඉන්දියාව කඩුල්ලක් පමණක්  දැවී ලකුණු 265ක් ලබා ගත්තේ පන්දු 40යි එක පන්දුවකදී.
නොදැවී ලකුණු 123ක් ලබා ගත් Rohit Sharma තරගයේ වීරයායි

Virat Kohli නොදැවී ලකුණු 96යි.

ශූරයන්ගේ කුසලාන  අවසන් මහා තරගය ලබන ඉරිදා පකිස්ථානය සමග පැවැත්වෙනවා.

India becomes eligible for the final