පකිස්ථානය ශූරයන්ගේ කුසලාන අවසන් තරගයට

 06/15/2017 - 06:02
6 reads

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී සත්කාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමින්.

එංගලන්තයේ කාඩිෆ් නුවර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණූ 211ක් පමණයි.

පිළිතරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 37යි එක් පන්දුවක් අවසානයේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අසාර් අලී ලකුණූ 76යි.

මෙය පාකිස්තාන කණ්ඩායමක් අයි සී සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අවසන් තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.

මේ අතර තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා.

ඒ, ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි.