මීළඟ ලෝක කුසලානයට මාලිංගගේ තීරණය මෙන්න

 06/14/2017 - 17:42
119 reads

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අවස්ථාවක් ලබාදෙන්නේ නම් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ක්‍රීඩා කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලසිත් මාලිංග කියා සිටියේ තමා යොමු කරන සෑම පන්දුවකදීම කඩුල්ලක් දවා ගැනීම තම එක අරමුණ බවයි. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කලහොත් තමා සංචිතයේ තබා ගැනීමට 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වාම ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් පසුවන බවද ඔහු පැවසීය. ඒ සඳහා අවස්ථාව ලැබේද නොලැබේද යන්න තමා නොදන්න බවද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මාලිංග පැවසීය.

 

Lasith Malinga
Sri Lanka Cricket