පළමු අවසන් පූර්ව තරගය අද

 06/14/2017 - 13:05
3 reads

අයි සී සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා.

ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට කාඩිෆ්හී දී ආරම්භ වනු ඇති.

මෙවර තරගාවලියේ දී එංගලන්තය ඒ ඛාණ්ඩයෙන් තරග කළ අතර ඔවුන් ක්‍රීඩා කළ තරග තුනම ජය ගනිමින් එම ඛාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට සමත් වුණා.

බී ඛාණ්ඩයෙන් තරග වැදුණු පාකිස්තානය එහි දෙවන ස්ථානයට පත් වූයේ සහභාගී වූ තරග තුනෙන් තරග දෙකක් ජය ගනිමින්.

 

CT 2017 Semi-final

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.