දුර්වල පන්දු රැකීම හේතුවෙන් ශ්‍රී ලංකාව ශූරයින්ගේ කුසලානයෙන් ඉවතට

 06/13/2017 - 06:39
150 reads

දුර්වල පන්දු රැකීම හේතුවෙන් අයි සී සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සමග පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් කඩුලු 3ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

එංගලන්තයේ කාඩිෆ් නුවර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණූ 236ක් ලබා ගත්තා.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 73යි.

දිනේෂ් චන්දිමාල් ලකුණූ නොලබා දැවී ගිය අතර ධනංජය ද සිල්වා ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

ලකුණු 237ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය ඉනිම නිමා වීමට පන්දු 31ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

පාකිස්තාන ඉනිමේ හත් වන කඩුල්ල ලකුණු 162ක්ව තිබියදී බිද වැටුණු නමුත් 8 වන කඩුල්ල සදහා නායක සර්ෆ්‍රාස් අහමඩ් සහ මොහොමඩ් අමීර් ලකුණු 75ක නොබිදුණු සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

සර්ෆ්‍රාස් අහමඩ් නොදැවී ලකුණු 61යි.

ඔහු ලබා දුන් උඩ පන්දු දෙකක් සහ අසාර් අලී ලබා දුන් උඩ පන්දුවක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී යාම විශේෂත්වයක්.

තරගයේ පරාජයට එය දැඩිව බලපෑ බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කන්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර පාකිස්තානය අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.

Comments