මැදපෙළ අසාර්ථක වූ ශ්‍රී ලංකා ඉනිම 236කට සීමා වෙයි

 06/12/2017 - 19:20
2 reads

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය මේ වන විට ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙනවා. ඒ එංගලන්තයේ කාඩිෆ්හිදියි.

කාසියේ වාසිය දිනාගත් පකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව නියමිත පන්දුවාර 49.2ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනාම දැවී ලකුණු 236ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල පන්දු 86කදී ලකුණු 73ක් ලබාගැනීමට සමත් විය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39කටද කුසල් මෙන්ඩිස් ලකුණු 27කටද සුරංග ලක්මාල් ලකුණු 26කටද දැවී ගියා. අනෙක් කිසිදු ක්‍රීඩකයකු ලකුණු විස්සේ සීමාව පසුකර යාමට සමත් නොවීය.
පන්දු යැවීමේ පකිස්ථාන් කණ්ඩායමේ ජුනයිඩ් ඛාන් කඩුලු 3ක්ද මොහොමඩ් අමීර් සහ හසන් අලී කඩුලු දෙක බැගින්ද ෆහීම් අෂ්රෆ් එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් විය.

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.