ශූරයින්ගේ කුසලාන පලමු තරගයෙන් බංග්ලාදේශය පරදා එංගලන්තයට ජය

 06/02/2017 - 07:52
14 reads

අයි සී සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය ගැනීමට සත්කාරක එංගලන්ත කන්ඩායම සමත් වුණා
ඔවුන් හමුවේ කඩුලූ 8කින් පරාජයට පත් වුණේ බංග්ලාදේශ කණ්ඩායමයි.
ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලූ 6ක් දැවී ලකුණු 305ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලූ 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිම නිමා වීමට පන්දු 16ක් ඉතිරිව තිබියදීයි.
නොදැවී ලකුනු 133ක් රැස් කළ ජෝ රූට් තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.
මේ අතර, මෙවර අයි.සී.සී ශූරයින්ගේ කුසලාණ තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා.
ඒ ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතරයි.