ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක් - තිසර පෙරේරා පරාජයට හේතු පහදයි

 03/13/2018 - 09:34
49 reads

නිදහස් කුසලාන පන්දුවාර 20 - 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජයට පත් වූයේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 19කට සීමා කෙරුණා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 19 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛයාව 152ක්.

කුසල් මෙන්ඩිස් ලකුණු 55යි.

පන්දු යැවීමේ දී ශාර්දුල් තාකූර් කඩුලු 4ක් බිද හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 9ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් පමණක් දැවී සිටියදීයි.

මනීෂ් පාන්ඬේ නොදැවී ලකුණු 42ක් රැස් කළ අතර පන්දු යැවීමේ දී අකිල ධනංජය කඩුලු 2ක් බිද හෙලුවා.

මේ අතර, තරග තහනමකට ලක් වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් කණ්ඩායමට කැදවීම සම්බන්ධයෙන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කන්ඩායමේ වැඩබලන නායක තිසර පෙරේරා මෙලෙස අදහස් පල කළා.

news24.lk
News24
sri lanka news 24
24 news