තිසර පෙරේරාට යළි නායකත්වය

 03/12/2018 - 09:22
10 reads

නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ   ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ඉදිරි තරග දෙකේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තිසර පෙරේරාට හිමිව තිබෙනවා.

ඒ මෙම තරගාවලියේදී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල්ට තරග 2ක තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කිරීම හේතුවෙන්.

පසුගිය සෙනසුරාදා බංග්ලාදේශය සමග පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම නිසා එම තහනම පැනවුණා.

මේ අතර, නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ සිව් වන තරගය අද පැවැත්වෙනවා.

ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි.

තරගය රාත්‍රී 7ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී ආරම්භ වනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Thisara Perera
cricket
Nidahas Trophy
Dinesh Chandimal