බංග්ලාදේශයට වාර්තාගත ජයක් - ශ්‍රී ලංකාවෙනුත් වාර්තාවක්

 03/11/2018 - 05:24
53 reads

නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයෙන් වාර්තාගත ජයක් හිමි කර ගැනිමට  බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුළු 5කින් පරාජයට පත් වුණේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුළු 6ක් දැවී ලකුණූ 214 ක් ලබා ගත්තා.

කුසල් පෙරේරා  ලකුණු 74ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 57ක් ලබා ගත් අතර උපුල් තරංග නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 32ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ඉනිම නිමා වීමට  පන්දු 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නොදැවී ලකුණු 72 ක් ලබා ගත් මුෂ්ෆිකර් රහීම් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙය බංග්ලාදේශ කණ්ඩායම හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර පන්දුවාර 20යි 20 ඉතිහාසයේ කණ්ඩායමක් හඹා ගොස් තරගයක් ජය ගත් සිව්වන ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා.

මෙම තරග පරාජයත් සමග ශ්‍රී ලංකාව මේ වන විට 20යි  20 ජාත්‍යන්තර තරග 50 ක් පරාජයට පත්ව තිබෙනවා.

20 යි 20 තරග 50 ක් පරාජයට පත්වූ ලොව පළමු රට ලෙසයි ශ්‍රී ලංකාව වාර්තා අතරට එක්වුණේ.

news24.lk
News24
sri lanka news 24
24 news
cricket
Nidahas Trophy
tri-nation series
Bangladesh
India