ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරගය හෙට

 02/14/2018 - 12:40
7 reads

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය හෙට පැවැත්වෙනවා.

තරගය පස්වරු 4.30 ට මීර්පූර් හිදි ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය සඳහා ද බංග්ලාදේශ කණ්ඩායමේ නිත්‍ය නායක ශකීබ් අල්හසාන් ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට මහමුද්දුල්ලා වැඩබලන නායකයා ලෙස කටයුතු කරනු ඇති.

ශකීබ් අල්හසාන් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමග පැවති තුන් කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ දී ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් තවදුරටත් ඔහුට විවේක ගන්නා ලෙසටයි වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ.

මේ අතර, අදාළ තුන්කොන් තරගාවලියේදී අබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරා ද හෙට ආරම්භ වන 20 යි 20 තරගාවලිය සඳහා ක්‍රිඩා නොකරනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news