ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක සම්මානය නායක ස්ටීවන් ස්මිත්ට

 02/13/2018 - 10:25
6 reads

වසරේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනැමෙන ඇලන් බෝඩර් සම්මානයෙන් පිදුම් ලැබීමට එරට නායක ස්ටීවන් ස්මිත් සමත් වුණා.

ඒ, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීම වෙනුවෙන් එරට ක්‍රිකට් ආයතනය වාර්ෂිකව සංවිධාන කළ සම්මාන උළෙලේ දීයි.

වසරේ එක්දින ක්‍රීඩකයා ලෙස ඬේවිඞ් වෝනර් සම්මානයෙන් පිදුම් ලැබූ අතර වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ස්ටීවන් ස්මිත් සම්මාන හිමි කර ගත්තා.

ආරෝන් ෆින්ච් සම්මානයන් පිදුම් ලැබුව් වසරේ පන්දුවාර 20යි 20 ක්‍රීඩකයා ලෙසයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news