රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක් - ශ්‍රී ලංකාවට ලකුණු 215ක ජයක්

 02/10/2018 - 15:59
136 reads

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් අද නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, ඩකා නුවර පැවති ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි.

එහිදී දෙවන ඉනිමේදී කඩුළු 4ක් බිද හෙලූ රංගන හේරත් වාර්තා අතරට එක්වූයේ වමත් පන්දු යවන්නෙකු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිඳහෙලූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගනිමින්.

රංගන හේරත් මේ වන විට බිද හෙලා ඇති ටෙස්ට් කඩුළු සංඛ්‍යාව  415 ක්.

බංග්ලාදේශය සමග පැවති අදාළ තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 215 කින් ජය ගත් අතර දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය ද තරග එකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා.

 

news24.lk
News24
sri lanka news 24
24 news