ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි

 02/10/2018 - 07:16
4 reads

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකා නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ  තෙවන දිනය අදයි.
ඊයේ දිනට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8 ක් දැවී ලකුණු 200 ක් ලබා සිටියා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 222ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 110 ක්  පමණයි.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 312 ක් ඉදිරියෙන් පසු වනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news