UPDATE : ශ්‍රී ලංකාව ලකුණු 312 ක් ඉදිරියෙන්

 02/09/2018 - 18:43
6 reads

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ  දෙවන දිනය  ඩකා නුවර දී අද නිමාවට පත් වුණා.
දිනය අවසන්වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8 ක් දැවී ලකුණු 200 ක් ලබා සිටියා.
රොෂේන් සිල්වා ලකුණු 58ක් සහ සුරංග ලක්මාල් ලකුණු 07 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී  සිටිනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 222ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 110 ක්  පමණයි.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 312 ක් ඉදිරියෙන් පසු වනවා.
තරගයේ තුන්වන දිනය හෙටයි.


ශ්‍රී ලංකා පිතිකරුවන්ට බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් අභියෝගයක් [02/09/2018 - 16:13]

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකා නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ  දෙවන දිනය අදයි.
මේ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර කඩුළු 8ක් දැවී ලකුණු 179ක් ලබා සිටියා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 222 ක්.
පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 110ක් රැස් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news