ශ්‍රී ලංකා ක්‍රිකට් - බිලියනයක ලාභයක් බලාපොරොත්තුවෙන්

 02/09/2018 - 08:06
11 reads

ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ඔස්සේ රුපියල් බිලියනයක ලාභයක් ඉපැයීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි සභාපති තිලංග සුමතිපාල මහතා මේ බව සදහන් කළේ අදාළ තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තරගාවලිය සදහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය එක්වීමට නියමිතයි.

ඉදිරියේ දී ලන්කා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීමට බලාපොරොත්තු වන බවද සුමතිපාල මහතා එහිදී කියා සිටියා.

news24.lk
News24
sri lanka news 24
24 news
Nidahas Trophy 2018
cricket