දිවා ආහාරයට තරඟය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 04ට ලකුණු 105

 02/08/2018 - 09:14
47 reads

UPDATE : දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 105ක් රැස්කරගෙන සිටියා.

කුසල් මෙන්ඩිස් ලකුණු 64ක් සහ රොෂේන් සිල්වා ලකුණු 05ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේදී අබ්දුල් රසාක් ලකුණු 24කට කඩුලු 03ක් දවාගැනීමට සමත් වුණා.


ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරඟය මේ වනවිට බංගලාදේශයේ ඩකාහි දී පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කරමින් ලක්ෂාන් සඳකැන් හා අකිල ධනංජය කණ්ඩායමට ඇතුලත් කර තිබෙනවා.

මෙම තරගය ස්කයි මාධ්‍ය ජාලයේ එෆ් එම් 99.5 සහ 99.7 රස එෆ් එම් ගුවන් විදුලි නාලිකාව ඔස්සේ සජීවීව ශ්‍රවණය කිරීමේ අවස්ථාව ශ්‍රවකයන්ට උදා වනවා.

news24.lk
News24
sri lanka news 24
24 news