ICC T20 ශ්‍රේණිගත කිරීම්වලින් ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාව අභිබවමින් ඉදිරියට

 02/07/2018 - 07:39
55 reads

ජගත් ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කළ නවතම පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග 2කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2ට බින්දුවක් ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජය ගැනීමත් සමගයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ 9 වන ස්ථානයයි.
20යි 20 ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණ ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්ව සිටිනවා.
මේ අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා යොදා ගත් චිතගෝන් ක්‍රීඩාංගනයේ තණතීරුව ක්‍රීඩාව සදහා සුදුසු සාමාන්‍ය තත්ත්වයේ නොතිබූ බව ජගත් ක්‍රිකට් කවුන්සලය පවසනවා.
ඒ අනුව එම ක්‍රීඩාංගනය සදහා එක් දඩුවම් ලකුණක් ලබා දීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර ඇත්තේ.
වසර 5ක් ඇතුළත දඩුවම් ලකුණු ප්‍රමාණය පහ ඉක්මවා ගියහොත් එම ක්‍රීඩාංගනයේ තරග පැවැත්වීම වසරකට තහනම් කිරීමට එම කවුන්සලයට හැකියාව පවතිනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news