ශ්‍රී ලංකා සහ කොදෙව් කණ්ඩායම අතර ජුනි මාසයේදී ටෙස්ට් තරගාවලියක්

 02/06/2018 - 21:31
2 reads

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලබන ජූනි මාසයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද ප්‍රකාශයට පත් කෙරුණා.
තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස බාබඩෝස් හී දී පැවැත්වීමට නියමිතයි.
එය කොදෙව් දූපත්හී දී පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය වීම විශේෂත්වයක්.
ජූනි 6 වනදා ට්‍රිනිඩෑඞ් හී දී ආරම්භ වන අදාළ තරගාවලිය ජූනි 27 වනදා අවසන් වනු ඇති.
මේ අතර එළඹෙන නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කන්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සහභාගීත්වය ඔහුගේ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news