ශ්‍රී ලංකා - බංග්ලාදේශ - සිම්බාබ්වේ ක්‍රිකට් තරඟාවලිය අද සිට

 01/15/2018 - 08:56
48 reads

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන තුන් කොන් එක් දින ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා.

පළමු තරඟය පැවැත්වෙන්නේ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතරයි.

තරඟය මෙරට වේලාවෙන් පස්වරු 2 ට ආරම්භ කිරීමට මීට පෙර නියමිතව තිබුණ ද එය පෙරවරු 11.30 ට මීර්පූර්හීදි ආරම්භ වන බව සඳහන්.

තරඟාවලියේදී ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය අනිද්දා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනු ඇති.

මෙම තරඟාවලිය ස්කයි මාධ්‍ය ජාලයේ එෆ්.එම් 99.5 සහ එෆ්.එම් 99.7 රස එෆ් එම් ගුවන් විදුලි නාලිකාව ඔස්සේ සජීවීව ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news