පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 7කින් ජය

 01/14/2018 - 11:05
46 reads

නවසීලන්තයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් සහභාගී වූ පළමු තරගයෙන් අයර්ලන්තය පරදා කඩුළු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 48 කට සීමා කෙරුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත යොවුන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
අයර්ලන්තය  කඩුළු 7ක් දැවී ලකුණු  207ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා  යොවුන් කණ්ඩායම පන්දුවාර 37.3කදී කඩුළු 3කට ලකුණු 208ක් ලබා ගත්තා.
ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 101යි.
නායක කමිදු මෙන්ඩිස් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 74ක්.
තරගයේ වීරයා ධනංජය ලක්ෂාන්.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
International Cricket Council
Under-19 Cricket World Cup 2018