ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය සුරංග ලක්මාල්ට

 01/13/2018 - 17:26
4 reads

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පත් කර තිබෙනවා.
අදාළ තරගාවලිය සදහා වන ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ද  ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතතනය සඳහන් කළේ.
සංචිතය සදහා ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ අකිල ධනංජය කැඳවා ඇති බව සඳහන්.
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 31 වනදා ආරම්භ වීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news