හතුරුසිංහ, ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් බංග්ලාදේශයටම රැගෙන යයි

 01/13/2018 - 07:32
13 reads

බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමගින් බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දී දිවයිනෙන් පිටත්ව යනවා.

ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ක්‍රීඩකයන් අදාළ තරග සංචාරයට පෙර ඊයේ පස්වරුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ආගමික වතාවත්වල ද නිරත වුණා.

තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 15 වනදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබන 17 වනදා පැවැත්වෙනු ඇති.

බංග්ලාදේශය සමඟ පළමු තරගය 19 වනදා ධකා අගනුවර දී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා යටතේ සහභාගී වන පළමු තරගාවලිය බංග්ලාදේශයේදී වීම විශේෂත්වයක්.

ඒ, චන්දික හතුරුසිංහ මහතා 2014 වසරේ සිට 2017 වසර දක්වා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමයි.

news24.lk
News24
sri lanka news 24
24 news
Chandika Hathurusingha
cricket
Bangladesh
Zimbabwe