19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ

 01/12/2018 - 21:17
7 reads

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා.
මෙවර නවසීලන්තයේ පැවැත්වෙන තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 16ක්.
තරගාවලියේ පළමු තරගය පාකිස්තාන යොවුන් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 14 වනදා අයර්ලන්ත යොවුන් කණ්ඩායම සමගින් පැවැත්වෙනු ඇති.
19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ලබන පෙබරවාරි  3 වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news