ගයාන් සහ නිලාම් බංගලාදේශයෙන් ඉල්ලයි

 01/12/2018 - 14:39
85 reads

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දිරිගන්වන්නන් දෙදෙනෙකු වන ගයාන් සේනානායක සහ මොහොමඩ්  නිලාම්ට බංගලාදේශ තරඟ සංචාරයට එක්වීම සඳහා පැනනැගී තිබු වීසා ගැටළුව නිරාකරණය වී තිබෙනවා.

ඒ, බංගලාදේශ ක්‍රිකට් දිරිගන්වන්නන්ගේ සංගමයේ මැදිහත්වීමෙන්.

ඔවුන් දෙදෙනාට ආරාධනාවක් නොලැබීම හේතුවෙන් අදාළ වීසා ගැටළුව මතුව තිබුණා.

ඒ අනුව එම සංගමය ගයාන් සේනානායකට සහ මොහෝමඩ් නිලාම්ට එළඹෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ආරාධනා පත්‍රයක් යොමු කිරීමත් සමඟ වීසා ගැටළුව නිරාකරණය වී ඇති බව සඳහන්.

news24.lk
News24
sri lanka news 24
24 news