ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 303ක ජයක්

 01/10/2018 - 14:26
45 reads

2018 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග පැවති මූලික වටයේ තරගය ලකුණු 303 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 40 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 455ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියාව දෘෂ්‍යාබාධිත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 182 ක් පමණයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news