ශ්‍රී ලංකා එක්දින හා 20 -20 නායකත්වය නැවතත් ඇන්ජලෝ මැතිවුස්ට

 01/09/2018 - 11:32
14 reads

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක් දින  සහ 20 යි 20  නායකත්වය සඳහා යළිත් ඇන්ජලෝ මැතිව්ස් පත් කර තිබෙනවා.

කොළඹ දී අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා මේ බව ප්‍රකාශ කළා.

ආබාදයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වූ අතර ඉන් පසුව දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, තිසර පෙරේරා යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවා.

අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වූ ඇන්ජලෝ මැතිව්ස් අදහස් පළ කළා.

news24.lk
News24
sri lanka news 24
24 news