ඉන්දීයාව පැරදූ දකුණු අප්‍රිකාවට ලකුණු 72ක ජයක්

 01/09/2018 - 09:17
6 reads

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 72 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

කේප්ටවුන් හි පැවැති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 286 ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස ඉන්දියාව ලකුණු 209 ක් රැස් කළා.

අනතුරුව දකුණු අප්රි කාව සිය දෙවන ඉනිමට සියලු‍ දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 130ක් පමණයි.

තරගය ජය ගැනීම සදහා ඉන්දීය කණ්ඩායමට ලකුණු 208ක ඉලක්කයක් හිමි වුණා.

කෙසේ වෙතත්, ඉන්දියාවට දෙවන ඉනිමේ දී සියලු‍ පිතිකරුවන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

තරඟයේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් කඩුලු‍ 9ක් බිඳ හෙලූ වර්නන් ෆිලැන්ඩර් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

news24.lk
News24
sri lanka news 24
24 news