ක්‍රිකට් ආයතනයේ විශේෂ මහ සභා රැස්වීමක්

 01/07/2018 - 08:15
4 reads

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (07) විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා තිබෙනවා.

පසුගිය  දෙසැම්බර් 6 වන දා රැස් වූ විධායක කමිටුව ගත් තීරණයකට අනුව එම විශේෂ මහ සභා රැස්වීම කැඳවා ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  ව්‍යවස්ථාවට සංශෝදන එක් කිරීම, දේශීය තරගාවලි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ නව ලේකම්වරයෙකු පත් කිරීම මෙහිදී සිදු කෙරෙනු ඇති.

ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙස මොහාන් ද සිල්වා මහතා කටයුතු කළ අතර පසුව ඔහු උප සභාපතිවරයෙකු ලෙස පත් කෙරුණා.

ඒ, උප සභාපති ධූරයෙන් ජයන්ත ධර්මදාස මහතා ඉල්ලා අස් වීම හේතුවෙන්.

news24.lk
News24
sri lanka news 24
24 news
cricket