මුම්බායි ඉන්දියන්ස් මාලිංග මුදා හරියි

 01/05/2018 - 14:31
52 reads

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය කණ්ඩායමෙන් මුදා හැරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

2018 වසර සදහා වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා මුදාහරින සහ රදවා ගන්නා ක්‍රීඩකයන්ගේ නාමලේඛනය ඊයේ දිනයේ දී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කර ඇත්තේ ලසිත් මාලිංග වෙන්දේසිය සදහා මුදා හැරීමටයි.

මේ අතර ඉන්දීය නායක විරාට් කෝලි ඉන්දීය රුපියල් කෝටි 17ක් වන මුදලකට රදවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

මහේන්ද්‍ර සිං දෝනි සහ රෝහිට් ෂර්මා රුපියල් කෝටි 15 බැගින් වූ මුදලකට රදවා ගැනීමටයි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කර ඇත්තේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Lasith Malinga
Mumbai Indians