බංගලාදේශ සංචාරයේ සිට ස්ථීර නායකයෙක් ?

 01/04/2018 - 20:43
44 reads

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා පත් කිරීම ලබන 9 වන දා සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු ඉහළ බලධාරීන් අතර, ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම එකඟතාවට එළඹ ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඒ අනුව, ඇන්ජලෝ මැතිව්ස් හෝ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස පත් කිරීමට නියමිත බව සඳහන්.

කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් මේ වනවිට ආබාධයකට ලක්ව  සිටින අතර අදාළ තරඟ සංචාරය සඳහා ඔහුගේ සහභාගීත්වය තීරණය කරනුයේ ලබන 07 වන දා පැවැත්වෙන ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයකින් අනතුරුවයි.

මේ අතර, ක්‍රිකට් ක්‍රීඩාව නැංවිමට සහ ශ්‍රි ලංකා කණ්ඩායමට ස්ථිර නායකයෙකු පත්කිරිමේ පුර්ණ බලතල නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට සහ තේරිම් කමිටුවට ලබා දී ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ක්‍රීඩාව නැංවිම සඳහා අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබද මාධ්‍ය දැනුවත් කිරිමේ හමුවකට අද එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

 

එම මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින්, තහනම් උත්තේජන මර්ධන ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා සඳහන් කලේ කාය වර්ධනය සඳහා ලබාදෙන ඇතැම් අතිරේක ඖෂධ ශරිරයට අතුරු ආබාධ ඇති කරන බවයි.

මේ අතර තහනම් උත්තේජන භාවිතා කර ඇත්ද යන්න පිළිබඳ සොයාබැලිම සඳහා පර්යේෂණාගරයක් මෙරට ස්ථාපිත කිරිමටද ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර  තිබෙනවා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
Bangladesh
cricket