නවසීලන්ත ආරම්භක පිතිකරු කොලින් මොන්රෝගෙන් නව ලෝක වාර්තාවක්

 01/03/2018 - 15:59
140 reads

නවසීලන්ත ආරම්භක පිතිකරු කොලින් මොන්රෝ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අද සමත් වුණා.
ඒ, සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තුන්වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දීයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණූ 243ක් ලබා ගත්තා.
එහිදී පන්දු 53කින් ලකුණු 104ක් ලබා ගත් කොලින් මොන්රෝ වාර්තා අතරට එක් වූයේ 20යි 20 ජාත්‍යන්තර ශතක 3ක් වාර්තා කළ ලොව පළමු පිතිකරුවා ලෙසයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news