අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයෙන් එස්.එස්.සී පෙරමුණට

 01/02/2018 - 14:54
3 reads

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ A ඛාණ්ඩයේ තවදුරටත් පෙරමුණ ගැනීමට එස්. එස්. සී කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඔවුන් මෙතෙක් සහභාගී වූ තරග 4න් එක් තරගයක් ජය ගත් අතර තරග 3ක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

එම ඛාණ්ඩයේ දෙවන ස්ථානය රාගම කණ්ඩායමටත්, තෙවන ස්ථානය කොළඹ ක්‍රිකට් සමාජයටත් හිමිව තිබෙනවා.

මේ අතර, B ඛාණ්ඩයේ පෙරමුණ ගැනීමට හලාවත මේරියන්ස් කණ්ඩායම සමත්ව ඇත්තේ සහභාගී වූ තරඟ 3න් තරග 2ක් ජය ගනිමින්.

බී ආර් සී කණ්ඩායම දෙවන ස්ථානයේත්, එන් සී සී කණ්ඩායම තුන්වන ස්ථානයේත් පසුවනවා.

news24.lk
News24
sri lanka news 24
24 news