තෙවන තරගයෙන් ඉන්දියාවට කඩුලු 8ක ජයක් - තරගාවලියත් ජය ගනී

 12/17/2017 - 20:57
8 reads

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වන හා අවසන් එක් දින ක්‍රිකට් තරගය ජයගැනීමට ඉන්දියාව අද සමත් වුණා.
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08කින් පරාජයට පත් කරමින්.
ජයග්‍රාහී ලකුණූ 216ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දු වාර 32යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණූ 219ක් ලබා තරඟය ජයග්‍රහණය කළා.
ශිකර් දවාන් ලකුණූ 100යි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 05ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 215ක් රැස් කළා.
උපුල් තරංග ලකුණූ 95 යි.
පන්දු යැවීමේ දී කුල්දීප් යාදෙව් හා යුස්වේන්ද්‍ර චහාල් කඩුලු 03 බැගින් දවා ගැනීමට සමත් වුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news