කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු රකියි

 12/17/2017 - 13:12
45 reads

කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඉන්දියාවේදී ඉන්දියාවට එරෙහිව ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමට පිවිසෙනවා.

ඒ දෙරට අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක් දින ක්‍රිකට් තරගය සඳහායි.

තරගය පස්වරු 1.30ට විශාකාපට්නම් හීදී ආරම්භ වීමට නියමිතයි.

අද තරගයේදී ළහිරු තිරිමාන්න වෙනුවට සදීර සමරවික්‍රම කණ්ඩායමට ඇතුළත් වීමට ඉඩ ඇති බව සඳහන්..

ශ්‍රී ලංකාව අවසන්වරට ඉන්දියාවට එරෙහිව එක් දින ක්‍රිකට් තරගාවලියක් ජය ගෙන ඇත්තේ 1997 වසරේදී වීම ද විශේෂත්වයක්.

මෙම වසරේදී ශ්‍රී ලංකාව සහභාගී වූ එක් දින තරග විසි හතෙන් ජයගෙන ඇත්තේ තරග 5ක් පමණයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Sri Lanka tour of India at Visakhapatnam