ඉන්දීය වෛද්‍ය සංගමයෙන් එරට ක්‍රිකට් ආයතනයට ලිපියක්

 12/07/2017 - 16:59
52 reads

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නවදිල්ලි නුවර පැවති 3 වන ටෙස්ට් ක්‍රිකට් තරඟය සම්බන්ධයෙන් විශේෂ ලිපියක් ඉන්දීය වෙද්‍ය සංගමය විසින් එරට ක්‍රිකට් ආයතනයට යොමු කර තිබෙනවා.

අධික වායු දූෂණයක් මධ්‍යයේ එම තරඟය පැවැත්වීම ගැටළු සහගත බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

අදාළ තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුඛ ආවරණ පැළඳ ක්‍රීඩා කළ අතර දෙපිලේම ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ක්‍රීඩාංගණය තුළ දී රෝගාතුර වී සිටිනු ද දක්නට ලැබුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news