ඔස්ට්‍රේලියාවට එරෙහි එංගලන්ත එක්දින සංචිතය නම් කරයි

 12/07/2017 - 16:28
7 reads

එංගලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

එම සංචිතයට බෙන්ග් ස්ටොක් හා ඇලෙක්ස් හේල්ස් ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

ඒ පසුගිය දා සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන් මොවුන් දෙදෙනා තරග තහනමකට ලක්ව තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් තවමත් මොවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා.

මේ අතර, දෙරට අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා.

ඒ, එංගලන්ත කණ්ඩායම ලකුණු 120 කින් පරාජයට පත් කරමින්.

තරග 5 කින් සමන්විත තරගාවලියේ තරග 2ට 0ක් ලෙස මේ වන විට පෙරමුණේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවයි.

news24.lk
News24
sri lanka news 24
24 news