ලෝක හොකී ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලබයි

 12/07/2017 - 11:05
5 reads

ලෝක හොකී ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඔවුන් හමුවේ අර්ධ අවසන් පූර්ව වටයේ දී පරාජයට පත් වූයේ බෙල්ජියම් කණ්ඩායමයි.
තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල 3 බැගින් ලබා සම තත්ත්වයේ පසු වුණා.
පසුව ජයග්‍රාහකයා තේරීම සදහා දඩුවම් පහර ලබා දීමට තීරණය කෙරුණු අතර එහිදී දඩුවම් පහර 3 ට දෙකක් වශයෙන් තරගය ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.
මේ අතර තරගාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකින් ගෝල 4 ට 1ක් ලෙස ස්පාඥ්ඥය පරදා ජය වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමත් වුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news