ඉන්දු ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් අතරව අවසන් වෙයි

 12/06/2017 - 16:57
10 reads

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබුවා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7කට ලකුනු 536ක් ලබා සිටි අවස්ථාවේදී තරගය අත්හිටවනු ලැබුවා.
ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් නායක විරාට් කෝලි ලකුණු 243ක්ද මුරලි විජේ ලකුණු 155ක්ද ලබාගැනීමට සමත් විය. රෝහිත් ශර්මා ලකුණු 65කට දැවී ගියා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් කඩුලු හතරක්ද, ළහිරු ගමගේ කඩුලු දෙකක්ද දිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් විය.
පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 373කට සියලු දෙනාම දැවි ගියා. ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු රැස් කිරීමේදී දිනේෂ් චන්දිමාල් ලකුණු 164ක්ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 111ක්ද ලබා ගැනීමට සමත් විය. දිල්රුවන් පෙරේරා ලකුණු 42ක්ද සධීර සමරවික්‍රම ලකුණු 33ක්ද ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් කිසිදු ක්‍රීඩකයකු ලකුණු 10 සීමාව පසු කිරීමට හෝ සමත් නොවීය.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉෂාන්ට් ශර්මා සහ රවිචන්ද්‍රන් අෂ්වින් කඩුලු 3 බැගින්ද මොහොමඩ් සාමි සහ රවීන්ද්‍ර ජඩේජා කඩුලු  දෙක බැගින්ද දවා ගැනීමට සමත් විය.
පසුව දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම කඩුලු පහක් පමණක් දැවී ලකුණු 246ක් ලබා සිටියදී තරගය අත්හිටවනු ලැබුවා. එ් ලකුණු 410ක ජයග්‍රාහී ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙමිනි.
ඉන්දීය දෙවන ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 50ක් ලබාගැනීමට රෝහිට් ශර්මා සමත් විය. ශිකර් ධවාන් ලකුණු 67ක්ද විරාට් කෝලි ලකුණු 50ක්ද චෙටේෂ්වර් පුජාරා ලකුණු 49ක්ද ලබා ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 410ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසානය වන විට කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 299ක් ලබාගැනීමට සමත් විය. එහිදී ධනංජය ද සිල්වා ලකුණු 119ක් ලබා ගත් අතර තරගය අතරතුර ඔහු පිටියේ ඉවත් වූයේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.
නොදැවී පන්දුවට පහර දුන් රොෂේන් සිල්වා ලකුණු 74ක් ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 44ක්ද ලබා ගැනීමට සමත් විය.
මේ අනුව ඉන්දීයව සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1ට බින්දුවක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

විරාට් කෝලි තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

news24.lk
News24
sri lanka news 24
24 news