වසර 28ක් ම ජය ගෙනදුන් ගැබාවෙන් ඔස්ට්‍රේලියාව අළුබඳුන සටන අරඹයි

 11/23/2017 - 16:31
13 reads

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර, පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වුණා.

පළමු තරඟය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදීයි.

තරඟයේ කාසිය වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව, සිය පළමු ඉනිම ක්‍රීඩා කරණ එංගලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර කඩුළු 02 ක් දැවී ලකුණු 140 ක් ලබා සිටියා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් 1989 වසරෙන් පසුව ගැබා ක්‍රීඩාංගණයේදී මෙතෙක් කිසිදු ටෙස්ට් තරඟයක් පරාජයට පත්ව නොතිබීම විශේෂත්වයක්.

1882 වසරේදී ආරම්භ කෙරුණු අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලි ඉතිහාසයේදී තරඟ 130 ක් ඔස්ටේ්‍රලියාව ජයගෙන ඇති අතර, තරඟ 106 ක් එංගලන්තය ජයගෙන තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Ashes
england
Australia