සයීඩ් අජ්මාල් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කරයි

 11/14/2017 - 08:37
43 reads

පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක සයීඞ් අජ්මාල් ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
මෙම මසදී අවසන් වන පාකිස්තාන දේශීය පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව තමා ක්‍රිකට් දිවියෙන් සමු ගන්නා බවයි අජ්මාල් සදහන් කර ඇත්තේ.
40 හැවිරිදි ඔහු පාකිස්තානය සදහා එක්දින වරම් හිමි කර ගත්තේ 31 හැවිරිදි වියේ දී වන අතර මේ වන විට ඔහු එක්දින තරග 113කදී කඩුලු 184ක් සහ ටෙස්ට් තරග 35කදී කඩුලු 178ක් දවා ගෙන තිබෙනවා.
සයීඞ් අජ්මාල්ට සිය අන්තර්ජාතික ක්‍රිකට් දිවියේ අවස්ථා දෙකක දී පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ල වූ අතර ඒ හේතුවෙන් 2014 වසරේ දී පන්දු යැවීම තහනමකට ද ලක් වුණා.
ඒ වන විට ඔහු ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා ලෙස ශ්‍රේණිගත කිරීම්හි  පෙරමුණ ගෙන සිටිය ද තහනමෙන් අනතුරුව යළි තම සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට සයීඞ් අජ්මාල්ට හැකි වූයේ නැහැ.

 

news24.lk
News24
sri lanka news 24
24 news